මුල් ප්රභවය
සෞඛ්‍ය සම්පන්න අහාර වේලක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානයෙන් වැළකී සිටීම, සහ මත්පැන් පානය සීමා කිරීම, ආඝාතය වැළඳීමට ඇති අවදානම වලක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය වේ. ඔබගේ ජීවන රටාවේ මෙම වෙනස්කම් පහත සඳහන් අවදානම් තත්ත්ව අඩු කරයි:
ඔබට දැනටමත් ආඝාතය වැළඳී ඇත්නම්, මෙම වෙනස් කම් කිරීම මගින්, ඉදිරියේදී තවත් සැරයක් සෑදීමට ඇති අවදානම අඩු කෙරේ.
සෞඛ්‍ය සම්පන්න අහාර වේලක් ලබා නොගැනීම මගින් ඔබගේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහල යා හැකි අතර එමගින් ඔබට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කරයි. සාමාන්‍යයෙන් මේදය අඩු, කෙඳි අධික ආහාර නිර්දේශ කරනු ලැබේ. නැවුම් පලතුරු සහ එළවලු (දිනකට ජාති 5ක්). ඔබගේ ආහාරයේ සමබරතාවයක් ලබා ගැනීම වැදගත් වේ. එක ආහාර වර්ගයක් ඕනෑවට වඩා ගන්න එපා.(විශේෂයෙන් සකස් කරන ලද අහාර හෝ ලුණු අධික ආහාර). අධික ලුණු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය වැඩිවිය හැකි බැවින් දිනකට උපරිම ග්‍රෑම් 6කට (0.2oz) ලුණු පරිභෝජනය සීමා කරන්න. ලුණු ග්‍රෑම් 6ක් යනු එක් තේ හැන්දක ප්‍රමාණය වේ.
නිතිපතා ව්‍යායාම සමඟ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ඒකාබද්ධ කිරීම සෞඛ්‍ය සම්පන්න බර පවත්වා ගැනීමට හොඳම ක්‍රමය වේ. නිතිපතා ව්‍යායාම කිරීමෙන් ඔබේ කොලෙස්ටරෝල් ප්රමාණය අඩු කර ගැනීමට සහ ඔබගේ රුධිර පීඩනය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. වැඩිහිටියන් සතියකට අඩුම වශයෙන් විනාඩි 150(පැය 2 විනාඩි 30) ක් බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වැනි ස්වායු ක්‍රියාකාරකම් කලයුතුය. ඔබ ආඝාතය වැළඳීමෙන් පසු සුවය ලබන්නේ නම්, ඔබට කල හැකි ව්‍යායාම සැලැස්ම පිළිබඳව ඔබේ පුනරුත්ථාපන කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න. ආඝාතය වැළඳීමෙන් පසු පළමු සති කිහිපය තුල හෝ මාස කිහිපය තුල නිතිපතා ව්‍යායාම කිරීම අපහසු විය හැකිය. නමුත් ඔබගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසුව ඔබට ව්‍යායාම ආරම්භ කළ හැකිය.
දුම් පානය කිරීම මගින් සැලකිය යුතු ලෙස ආඝාතය වැළඳීමේ අවධානම වැඩි කරයි. එසේ වන්නේ ඔබගේ ධමනි සිහින් කිරීමෙන් ඔබගේ රුධිරය කැටි ගැසීමට ඇති ඉඩ ප්‍රමාණය වැඩි නිසාය. දුම්පානය නතර කිරීමෙන් ඔබට ආඝාතය ඇතිවීමේ අවදානම අවම කරගත හැකිය. දුම් පානය නොකිරීමෙන්ද ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කර ගත හැකි අතර පෙනහළු පිළිකා සහ හර්ද රෝග වැනි වෙනත් බරපතල තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අඩු කරයි.
අධික මත්පැන් පරිභෝජනය නිසා අධි රුධිර පීඩනය ඇතිවිය හැකි අතර අක්‍රමවත් හර්ද ස්පන්දනය ඇති වීම සහ, මෙම දෙකම මගින් ආඝාතය ඇතිවීමට ඇති අවදානම වැඩි කල හැකිය. ඇල්කොහොල් සහිත බීම වල කැලරි අධික වන අතර එයද ශරීරයේ බර වැඩි වීමට හේතු වේ. අධික ලෙස මත්පැන් පානය තුන් වරකට වඩා වරක් ආඝාතය අවදානම වැඩි කරයි. ඔබ සම්පුර්ණ සුවය ලබා ඇත්නම් සහ මත්පැන් පානය කිරීම තෝරාගත්තේ නම් ඔබ, නිර්දේශිත සීමාව ඉක්මවා නොයා යුතුය:
ඔබට ආඝාතය වැළඳීමෙන් පසු සම්පුර්ණයෙන් සුවය ලබා නොමැති නම් ඔබ ඇල්කොහොල් වලට සංවේදී විය හැකි අතර නිර්දේශිත ආරක්‍ෂිත සීමාවන් පවා ඔබට ඉතා වැඩි විය හැකිය.
ඔබට ආඝාතය වැළඳිය හැකි, අවදානම වැඩිවිය හැකි තත්වයක සඳහා ඔබට රෝග විනිශ්චයක් ලබා දී ඇත්නම් එම රෝගය හොඳින් පාලනය කර ගැනීම ආඝාතය වැලක්වීමට උපකාරී වේ. ඉහත සඳහන් කර ඇති ජීවන රටාවේ වෙනස්කම් මගින් මෙම තත්වයන් විශාල වශයෙන් පාලනය කිරීමට උපකාරී වුවද ඔබ නිතිපතා ඖෂධ ගැනීම අවශ්‍ය වේ.